Home » කෝලි සහ ශර්මා ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

කෝලි සහ ශර්මා ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි

by chanaka
June 30, 2024 9:57 am 0 comment

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව රෝහිත් ශර්මා ද ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බවයි නිවේදනය කර ඇත.

ඒ, 20යි 20 ලෝක කුසලාන අවසන් තරගය ඉන්දියාව ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ මෙම තරගය සිය අවසන් 20 යි 20 ජාත්‍යන්තර තරගය වන බවයි.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දෙමින් අවසන් තරගයේදී අගනා පිති හරඹයක යෙදෙමින් විරාට් කෝලි අර්ධ ශතකයක් ලබා ගත්තේය. ඒ අනුව කෝලි ඔහුගේ ලකුණු 76 සඳහා ඊයේ අවසන් තරගයේ වීරයා වූ අතර දකුණු අප්‍රිකාව ලැබූ ලකුණු 7 ක පරාජයෙන් පසුව 2011 වසරෙන් පසු ලෝක කුසලානයක් ඔසවා තැබූ පළමු ඉන්දීය නායකයා බවට රෝහිත් පත්විය.

37 හැවිරිදි රෝහිත් සහ 35 හැවිරිදි කෝලි විස්සයි20 ජාත්‍යන්තර ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පිළිවෙළින් අංක එක සහ දෙකයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x