Home » පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක්

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක්

by chanaka
June 30, 2024 9:49 am 0 comment

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අදාළ ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x