Home » උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

by chanaka
June 30, 2024 9:47 am 0 comment

දුම්රියක් පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (29) පස්වරු 06.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රිය ගලබඩ හා ඉගුරුඔය දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව ඇත.

අද අලුයම 1.15ට පමණ දුම්රිය පීලි පැනීම සිදුව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර කෙටිදුර දුම්රිය ගමන් වාර දෙකක් අවංගු කර ඇති බව සඳහන්ය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x