Monday, July 1, 2024
Home » කොළඹ පාපන්දු ලීගයේ ප්‍රබලයන් අතර අද සහ හෙට අවසන් වටයේ ගැටුම්

කොළඹ පාපන්දු ලීගයේ ප්‍රබලයන් අතර අද සහ හෙට අවසන් වටයේ ගැටුම්

by gayan
June 29, 2024 1:00 am 0 comment

කොළඹ පාපන්දු ලීගය සංවිධාන කරන පළමු පෙළ පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග අද සහ හෙට කොළඹ සිටිලීග් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. අද දින (29) පස්වරු 3ට රත්නම් ක්‍රීඩා සමාජය හා චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයත්, හෙට (30) නිව්ස්ටාර් හා ඕල්ඩ්බෙන්ස් ක්‍රීඩා සමාජ අතර තරගයත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් නිර්දේශිත මේ පළමු පෙළ පාපන්දු තරගාවලිය කොළඹ පාපන්දු ලීගය විසින් වසර 5කට පසුව සංවිධාන කර ඇති අතර, ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් කිහිපදෙනකුම එක්ව සිටීම විශේෂත්වයකි.

අර්ධ අවසන් වටයට පිවිසි නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය ගෝල් 3-0කින් ඕල්ඩ් වෙස්ලි හා කිරුළපන යුනයිටඩ් ගෝල් 2-0කින් පරාජය කළ අතර. රත්නම් සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.

ඕල්ඩ්බෙන්ස් ක්‍රීඩා සමාජය විසින් ඕල්ඩ් රෝයල් 3-1කින් හා එවරෙඩි ක්‍රීඩා සමාජය 9-1කින් පරාජය කළ අතර, චැලෙන්ජර්ස් කීඩා සමාජය හමුවේ 1-0කින් පරාජයට පත් විය.

රත්නම් ක්‍රීඩා සමාජය මූලික වටයේදී ඕල්ඩ් වෙස්ලි ගෝල් 2-1කින් පරාජය කළ අතර, කිරුළපන ක්‍රීඩා සමාජය හා නිව්ස්ටාර් සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා කළේය.

මූලික වටයේදී චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය වෙතින් ගෝල් 7-0කින් ඕල්ඩ් රෝයල්ස් ක්‍රීඩා සමාජය හා ගෝල් 1-0කින් ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය පරාජයවූ අතර, එවරෙඩි ක්‍රීඩා සමාජය සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x