Monday, July 1, 2024
Home » දඹුල්ල සික්සර්ස් නායකත්වය ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබිට

දඹුල්ල සික්සර්ස් නායකත්වය ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබිට

by gayan
June 29, 2024 1:00 am 0 comment

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තවත් දින තුනකින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් පිලේ නායකත්වය විස්සයි20 ලෝක කුසලානයේ දස්කම් දැක්වූ ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි වෙත පවරා ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වැනි සංස්කරණය වූ මෙවර දඹුල්ල සික්සර් පිල නැවුම් අපේක්ෂා සමඟ පිටියට පිවිසේ. දකුණත් පිතිකරුවකු හා දකුණත් පිට දඟ පන්දු යවන මොහොමඩ් නබි කලක් ඇෆ්ගනිස්තාන පිල මෙ‍ෙහයවිය.

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයකු විසින් ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී රැස්කළ වේගවත්ම අර්ධ ශතකය සඳහා වූ වාර්තාව මොහොමඩ් නබි සතුව ඇත. සීකුවර් කන්සල්ටන් ආයතනයේ ප්‍රධාන විධායක සහ දඹුල්ල සික්සර්ස් පිලේ හිමිකරු ප්‍රියංග ද සිල්වා මහතා පවසන්නේ මොහොමඩ් නබි නායකත්වය සඳහා විශිෂ්ට තේරීමක් බවයි.

දඹුල්ල සික්සර්ස් පිලට ශ්‍රී ලංකා පිලේ හිටපු විස්සයි20 නායක කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව ඇති අතර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, දිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, ළහිරු උදාර, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රනේෂ් සිල්වා, ළහිරු මධුශංක, සොනාල් දිනූෂ, සචිත ජයතිලක, නිමේෂ් විමුක්ති, අසංක මනෝජ්, චමිඳු වික්‍රමසිංහ ක්‍රීඩා කරති. විදෙස් ක්‍රීඩකයන් ලෙස මුස්තෆීර් රහීම්, ඉබ්‍රහිම් සර්ද්‍රාන්, රීසා හෙන්ඩ්‍රිකස්, මාර්කා චැප්මන් හා තව්හිද් හිරිඩෝයි පිටියට පිවිසෙති.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x