Home » මධ්‍යම අප්‍රිකාවට අපේ එම්අයි 17 යානයක් ගෙනයන්න ඇන්ටනෝව් 124ක් කටුනායකට

මධ්‍යම අප්‍රිකාවට අපේ එම්අයි 17 යානයක් ගෙනයන්න ඇන්ටනෝව් 124ක් කටුනායකට

by gayan
June 29, 2024 1:00 am 0 comment

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරිවල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා, ඔවුන් සතු මධ්‍යම අප්‍රිකා වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යෑම සදහා ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනෝව් 124 වන් යානයක් ඊයේ (28) සවස කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වසරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින අතර, වර්තමානයේ එහි එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 3ක්ද එහි සේවා සදහා යොදවා තිබේ. මෙයින් එක් හෙලිකොප්ටර් යානයක අත්‍යවශ්‍ය ප්‍රධාන නඩත්තු කටයුත්තක් සිදු කිරීමට ඇති නිසා ඒ යානය එරටින් ඉවත් කර ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ප්‍රථමමේ එම්.අයි.17 හෙලිකොප්ටර් යානය එරට ශ්‍රී ලංකා හෙලිකොප්ටර් බළ ගණය වෙත එකතු කිරීම සදහා මෙසේ රැගෙන යෑම සිදු කිරීමට පියවර ගෙන තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x