Home » පොහොර සහනාධාරය මින් ඉදිරියට කුඹුරු හිමියන්ට හා අඳ ගොවීන්ට පමණයි

පොහොර සහනාධාරය මින් ඉදිරියට කුඹුරු හිමියන්ට හා අඳ ගොවීන්ට පමණයි

by gayan
June 29, 2024 1:00 am 0 comment

පොහොර මිල දී ගැනීම සඳහා වන මූල්‍ය සහනාධාරය මින් ඉදිරියට කුඹුරු ඉඩම් අයිතිකරුවන්ට හා අඳ ගොවීන්ට පමණක් පිරිනැමීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල්. අබේරත්න මහතාට උපදෙස් දී ඇත.

පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමේදී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා ඔවුන් පිළිබඳ තොරතුරු ගැනීමේ ගැටලුවක් පැනනැඟී මුදල් පිරිනැමීමේදී යම් ප්‍රමාදයන් සිදු වන බව පෙනී ගොස් ඇත. මෙවර යල කන්නයේදී පොහොර මිල දී ගැනීමට රජය විසින් මේ වන විට රුපියල් බිලියන 5.4ක් ගොවි ගිණුම්වලටම යොමු කර ඇති නමුත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුනු බවට පැමිණිලි කර ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පෙරේදා (27) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡවකින් පසු මේ තීරණයට එළඹී ඇත.

එමනිසා මින් පසු පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ලබා දෙන මූල්‍යමය සහනාධාර කුඹුරු අයිතිකරුවන් සහ අඳ ගොවීන්ට පමණක් නිකුත් කරනු ලබයි. මේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x