Wednesday, July 3, 2024
Home » වැටුණු ව්‍යාපාර යළි ඇරඹීමට ණය පහසුකම් සඳහා තොරතුරු ගැනීමේ කාලය දීර්ඝ කරයි

වැටුණු ව්‍යාපාර යළි ඇරඹීමට ණය පහසුකම් සඳහා තොරතුරු ගැනීමේ කාලය දීර්ඝ කරයි

by gayan
June 29, 2024 1:00 am 0 comment

බිඳවැටුණු ව්‍යාපාර යළි ඇරඹීමට ණය පහසුකම් අවශ්‍ය ව්‍යසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ඒ සඳහා තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශයට දීමට තිබූ කාලසීමාව දෙසතියකින් දීර්ඝ කොට ඇත.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනය ඇති, ව්‍යසායකන්ට සහ කර්මාන්තකරුවන්ට තමන්ගේ තොරතුරු හෙට (30) දක්වා කර්මාන්ත අමාත්‍යාංශයට සැපයීමට ඉඩකඩ සලසා තිබිණි. එලෙස දී තිබූ කාලසීමාව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් දීර්ඝ කළ බව කර්මාන්ත ආමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස ලබාගන්නා තොරතුරු පදනම් කරගෙන ඉදිරියේදී මූල්‍ය පහසුකම අවශ්‍ය සියලු දෙනාට සහන සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ලේකම්වරයා කීය. කොවිඩ් 19, ආර්ථික අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් නිසා බිඳවැටුණු ව්‍යාපාර, කර්මාන්ත සම්බන්ධයෙන් මෙමස 30 දා දක්වා තොරතුරු කර්මාන්ත අමාත්‍යාංශය විසින් ලබා ගැනීමට කටයුතු යොදා තිබිණි.

ඒ අනුව 600ක පමණ පිරිසකගේ තොරතුරු ලැබී ඇතැයි ලේකම්වරයා පැවසීය. වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්යෙනි. මෙලෙස ලැබුණු තොරතුරු පදනම් කරගෙන ඉදිරියේදී කාරක ප්‍රාග්ධනය සැපයීමට බැංකුවලට අවශ්‍ය තොරතුරු දීමට අමාත්‍යංශයේ කටයුතු කරන බවද ඔහු කීය. තම අමාත්‍යංශයට ලැබුණ තොරතුරු ඉදිරියේදී බැංකුවලට දී සහන අවශ්‍ය අයට මූල්‍ය පහසුකම් සැලසීමට සහාය වීම අමාත්‍යාංශයේ අරමුණයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයාද වේ. ඒ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ ණය ක්‍රම ක්‍රියාත්මක කරයි. ඒ සම්බන්ධයෙන් වූ සාර්ථක සාකච්ඡා වට ගණනාවක් දැනටවත් පවත්වා තිබේ. බිඳවැටුණු ව්‍යාපාර යළි නැංවීමට මෙලෙස වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත බව Ceylon federation of MSME සභාපතිනි සශිකා ද සිල්වා මහත්මිය කිවාය. ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නැයි ඇය ඉල්ලීමක් කළාය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x