Wednesday, July 3, 2024
Home » විදුලිබල කෙටුම්පතට කථානායක සහතිකය

විදුලිබල කෙටුම්පතට කථානායක සහතිකය

by gayan
June 29, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (27) සිය සහතිකය සටහන් කළේය.

විදුලිබල ක්ෂේත්‍රයට සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මේ පනත් කෙටුම්පත ඉකුත් අප්‍රේල් 25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඉන් පසුව පසුගිය ජූනි 6 දා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් පසු වැඩි ඡන්ද 44කින් එය සම්මත විය. ඒ අනුව මේ පනත් කෙටුම්පත 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත වශයෙන් බලාත්මක වේ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x