Monday, July 1, 2024
Home » ගුරු-විදුහල්පති වැඩ වැරුමින් පසු පාසල් කටයුුුතු යථා තත්ත්වයට

ගුරු-විදුහල්පති වැඩ වැරුමින් පසු පාසල් කටයුුුතු යථා තත්ත්වයට

by gayan
June 29, 2024 1:00 am 0 comment

ගුරු-විදුහල්පති වැඩ වර්ජනය අවසන් වීමත් සමඟ ඊයේ (28) පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි පැවති අතර, ගුරුවරුන් සහ සිසුන් සාමාන්‍ය ලෙස පාසල් වෙත පැමිණ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ගුරු-විදුහල්පති සංගම් පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට නැංවුවත් ඇතැම් පාසල්වල දරුවන් සහ ගුරුවරුන් පාසල් වෙත පැමිණ ඇති බවට වාර්තා විය. වයඹ පළාතේ පමණක් ඊයේ (28) ගුරු සිසු පැමිණීමේ ප්‍රතිශතය අතුරින් ගුරුවරුන්ගේ පාසල් පැමිණීම ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම සමස්තයක් ලෙස 86.97%ක් වන අතර, සිසුන්ගේ පැමිණීම 67.18%ක්ව තිබේ.

වයඹ පළාත තුළ කලාප 8ක් පවතින අතර, පුත්තලම කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 84.33%ක් ද, සිසුන්ගේ පැමිණීම 66.77%ක් ද, හලාවත කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 81.61%ක් ද, සිසුන්ගේ පැමිණීම 61.77%ක් ද, මහව කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 89.02%ක් ද, සිසුන්ගේ පැමිණීම 74.61%ක් ද, නිකවැරටිය කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 95.61%ක් ද, සිසුන්ගේ පැමිණීම 70.20%ක් ද, කුරුණෑගල කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 88.00%ක් ද, සිසුන්ගේ පැමිණීම 65.00%ක් ද, කුලියාපිටිය කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 94.09%ක් ද, සිසුන්ගේ පැමිණීම 74.62%ක් ද, ඉබ්බාගමුව කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 87.47%ක් ද, සිසුන්ගේ පැමිණීම 77.01%ක් ද, ගිරිඋල්ල කලාපයේ ගුරුවරුන්ගේ පැමිණීම 86.60%ක් ද, සිසුන්ගේ පැමිණීම 64.81%ක් ද ලෙස වාර්තා වී තිබේ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x