Wednesday, July 3, 2024
Home » රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම දිසාපතිවරුන් සතු ප්‍රධාන වගකීමක්

රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම දිසාපතිවරුන් සතු ප්‍රධාන වගකීමක්

අගමැති දිනේෂ් ගුණවර්ධන

by gayan
June 29, 2024 1:00 am 0 comment

රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

දිවයින පුරා විමධ්‍යගත අය වැය වැඩසටහන, විශේෂ ව්‍යාපෘති, උරුමය වැඩසටහන සහ කඳුකර දශකය වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පෙරේදා (21) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

විමධ්‍යගත අය වැය වැඩසටහනේ සම්පූර්ණ ව්‍යාපෘති ගණන 33,362ක් වන අතර ඒ සඳහා වෙන්කළ මුළු මුදල රුපියල් මිලියන 11,250ක් බවත් දැනටමත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 11,022ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස එය 97.98%කි.

නිදහස් කිරීමට ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 227කි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතුයි. ඔබත් අපත් ඒ වගේම විශේෂයෙන් ජනාධිපතිවරයා පත් කළ කමිටුවත් මාස තුනක් පුරා යෙදුණු සාකච්ඡාවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමටයි අද එක්වන්නේ. අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීම ක්‍රියාත්මක කිරීමේ පිළිවෙතින් සම්පූර්ණයෙන් බැහැර වී පසුගිය දවස් 45 තුළ ජනාධිපතිවරයා ඒ සඳහා අපට ගමන් කිරීමට ඉඩකඩ ලබා දුන්නා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු අන්තර්ගතව මෙම වැඩපිළිවෙළ මෙහෙයවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.

තොරතුරු නිවැරදි ද, සම්පූර්ණ වී තිබෙනවාද කියන දේ භාර වෙන්නේ ඔබ සියලු දෙනාටයි. විමධ්‍යගත වැඩසටහනේ ප්‍රාථමිකය ක්‍රියාත්මක කර ගැනීමට ප්‍රමාදයක් තිබෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. කලින් යෝජනා කර, නිර්දේශ කොට අනුමත කිරීම කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කරන ආයතන හැටියට එලෙසම කඩිනමින් ක්‍රියාත්මක කරවා ගත යුතුයි. මේ වේලාවේ අපි ඉක්මනින් අපට භාණ්ඩ ලබාගන්න පුළුවන්. ඉදිකිරීම්වල ඉංජිනේරු සහතිකය වැනි රාශියක් තිබෙනවා. මේ සියලු වැඩසටහන් ඉවර වුණාට පස්සේ තමයි ක්‍රියාත්මකද නැද්ද කියලා බලන්න වෙන්නේ. මෙම වැඩසටහන් පිළිබඳ සියලු වාර්තා ඉතා පැහැදිලිව ලබාදීමට දිසාපතිවරුන් කටයුතු කළ යුතුයි.

සංවර්ධනය කරමින් තිබී නවතා දැමූ මහාමාර්ග යළි සංවර්ධනය කිරීම ආරම්භ කළා. මේ වැඩසටහන් පිළිබඳ සහයෝගය මදි කියන එක ප්‍රකාශ කරන්න වෙනවා. සියලු බිම්මට්ටමේ තොරතුරු තියෙන්නේ දිසාපතිවරුන්ගේ අතේ. ගිය මාසෙම වැඩ කරන්න බැහැ කිව්වා වැස්ස කියලා. දැන් කියනවා දුවන වැස්සක් කියලා. සෑම දිසාපතිවරයෙක්ම පවතින යථාතත්ත්වය වාර්තා කරන්න.

රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, අගමැති ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්. සත්‍යානන්දන්, අගමැති සම්න්ධීකරණ නිලධාරී කේ.ජී. විජේසිරි මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x