Wednesday, July 3, 2024
Home » මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන හිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස දෙවැනි වරටත් වැඩ භාර ගනිති

මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන හිමි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස දෙවැනි වරටත් වැඩ භාර ගනිති

by gayan
June 29, 2024 1:00 am 0 comment

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ (උපකුලපති) ලෙස ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමිපාණන් වහන්සේ දෙවැනි වරටත් ඊයේ (28) සිය ධුරයේ වැඩ භාර ගත්හ.

උන්වහන්සේ එම විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාවේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් 2024-06-28 වැනිදා සිට වසර සිට වසර තුනක කාලයකට මෙම පත්කිරීම සිදු කරනු ලැබ තිබේ. ඒ අනුව උන්වහන්සේ ඊයේ (28) පෙරවරු 7.11 ට යෙදුන සුබ මොහොතින් එම විශ්වවිද්‍යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත්හ.

2021-06-29 වැනිදා සිට 2024-06-28 වැනිදා දක්වා එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කර ඇති මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ මෙසේ දෙවැනි ධුර කාලය සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව එම විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදු කොට තිබේ.

දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවන උන්වහන්සේ ආගමික සංස්කෘතික සමාජයීය හා අධ්‍යාපනය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේ නමකි.

ජායාරූප – අනුරාධපුර අතිරේක

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x