Wednesday, July 3, 2024
Home » මුල් ළමාවිය සංවර්ධනය දරුවාගේ ජීවිතයේ වඩාත් තීරණාත්මක අවධියක්

මුල් ළමාවිය සංවර්ධනය දරුවාගේ ජීවිතයේ වඩාත් තීරණාත්මක අවධියක්

ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් අධ්‍යාපන ප්‍රධානී

by gayan
June 29, 2024 1:00 am 0 comment

මුල් ළමාවිය සංවර්ධනය දරුවාගේ ජිවිත කාලය පුරාම හා සමාජය පුරා ප්‍රයෝජනවත් වෙන බවත් දරුවාගේ ජීවිතයේ වඩාත් තීරණාත්මක අවධියක් බවත් ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් අධ්‍යාපන ප්‍රධානී එරින් ටානර් මහත්මිය පවසයි. පෙර පාසල් යන දරුවා ප්‍රාථමික පාසලට සූදානම්, ඒ වගේම පෙර පාසල් යන දරුවන් පසුකාලීනව අධ්‍යාපනය හැරයාම අඩු බවත් පෙර පාසල් අධ්‍යාපනයේ බලපෑම් දරුවාගේ ජීවිතයට දිගුකාලීනව පවතින බවත් ඇය පැවසුවාය.

වතු ආශ්‍රිත දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම සහ එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙසේ පැවසුවාය.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ඒකකය මඟින් සංවිධාන කර තිබු මේ වැඩසටහන කුණ්ඩසාලේ, අරංගල රෝයල් ක්ලැසික් රිසෝර්ට් ආයතනයේදී පැවැත්විණි.

පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් හා යුනිසෙෆ් ආයතනයේ අනුග්‍රහයෙන්,මහනුවර වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය එක්ව මේ වැඩසටහන සංවිධාන කර තිබු අතර වැවිලි මානව සම්පත් සංවර්ධන භාරයේ මහනුවර බල ප්‍රදේශයේ වතු කළමනාකරුවන් හැටක පමණ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මීට සමගාමීව වතු ආශ්‍රිත අධ්‍යාපනය,සෞඛ්‍ය හා ආරක්ෂාව ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් දැනුවත් කිරීමක් සහ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් එරීන් ටානර් මහත්මිය මෙසේද පැවසුවාය.

මධ්‍යම පළාතේ කුඩා දරුවන් කොතරම් වැදගත් ද යන්න සහ කුඩා දරුවන්ගේ යහපැවැත්මට හා සංවර්ධනයට ප්‍රමුඛත්වය දීම පිළිබඳ හා දරුවන්ගේ සංවර්ධනය සැබවින්ම ඉදිරියට ගෙන යාමට ලබා දෙන නායකත්වයත් අගය කරනවා.මුල් ළමාවිය ඉදිරියට ගෙනයෑමේදී ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබෙනවා.මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී එය මනාවට පැහැදිලියි. සෞඛ්‍ය සහ පෝෂණය ආරක්ෂාව හා සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් අපට බොහෝ අංශවල වැඩසටහන් තිබෙනවා. එම අංශ සියල්ල ළමා සංවර්ධනයේ ප්‍රගතිය සඳහා ඉතාමත් වැදගත්. එම සම්බන්ධීකරණ යන්ත්‍රණය සැබවින්ම වැදගත් වන අතර යුනිසෙෆ් දැන් ජාතික මට්ටමින් සහයෝගය දක්වනවා. මුල් ළමාවිය සංවර්ධනය සහ පෙර පාසල් අධ්‍යාපනයට වැඩි දියුණු කිරීම සඳහා ඉදිරියට යන විට අපට ගොඩනැඟිය හැකි නව්‍ය සහ විශිෂ්ට වැඩසටහන් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු,ව්‍යාපෘති නිලධාරි සුගත් අධිකාරම්, වැවිලි මානව සම්පත් සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ මහේෂ් වනිගසූරිය මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x