Home » අමෙරිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

අමෙරිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

by chanaka
June 29, 2024 9:36 pm 0 comment

කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවය.

වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

මේ සමඟ පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සියලුම අමෙරිකානුවන්ට දැනුම් දී ඇත්තේ මාස 6 සහ ඊට වැඩි සෑම දෙනාටම 2024-25 වාරය සඳහා යාවත්කාලීන කරන ලද කොවිඩි -19 එන්නතක් ලබා ගන්නා ලෙස යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x