Home » පාකිස්තානයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමක්

පාකිස්තානයේ ත්‍රස්ත මර්දන මෙහෙයුමක්

by gayan
June 29, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ අන්තවාදය සහ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ තීරණාත්මක පියවරක් ලෙස අගමැති ශෙබාස් ෂරිෆ් එරට ජාතික ත්‍රස්ත මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘අසාම් ඊ ඉස්ටෙකම්‘ නමින් ආරම්භ කර ඇති එම මෙහෙයුම ත්‍රස්තවාදයට එරෙහිව පාකිස්තාන රජය ගත් කාලෝචිත පියවරක් වන බවත්, පාකිස්තානයේ ස්වෛරීභාවයට බලපෑම් එල්ල වීම වැළැක්වීම එහි අරමුණ බවත් එරට රජය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරිෆ් සහ එරට හමුදාපති ජෙනරාල් අසාමි මුනිර් පසුගියදා චීනයේ සංචාරයක නිරත වීමෙන් පසුව බව ද වාර්තා වේ. විශේෂයෙන් පාකිස්තාන – චීන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය යටතේ පාකිස්තානයේ සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් ඉලක්ක කරමින් මෑත කාලයේදී සිදුවූ විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම් එම ත්‍රස්ත මර්දන මෙහෙයුම ආරම්භ කිරීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය මාර්තු මාසයේ පාකිස්තානයේදී චීන ජාතික ඉංජිනේරුවරුන් පස්දෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එවැනි මෙහෙයුමක අවශ්‍යතාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවී තිබුණු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x