Home » නීතියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බව කියමින් හොංකොං අභියාචනාධිකරණ විනිසුරු ඉල්ලා අස්වෙයි

නීතියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බව කියමින් හොංකොං අභියාචනාධිකරණ විනිසුරු ඉල්ලා අස්වෙයි

by gayan
June 29, 2024 1:00 am 0 comment

නීතියේ ආධිපත්‍යයට හොංකොං පරිපාලනයෙන් බලපෑම් එල්ල වන බව සඳහන් කරමින් එරට අභියාචනාධිකරණයේ විනිසුරු බ්‍රිතාන්‍ය ජාතික සම්ෂන් සාමිවරයා ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සම්ෂන් සාමිවරයා සිය නිල ඉල්ලා අස්වීමේ ලිපිය එරට පරිපාලනයට භාර දී ඇතැයි ද, නීතියේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වන බව එහි සඳහන් කර ඇතැයි ද හොංකොං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ජාතික ආරක්ෂක පනත යටතේ සිදු කරන නඩු විභාගවලදී අභියාචනාධිකරණ විනිසුරුවරයා රජයේ දේශපාලන පීඩනයකට හසුවී සිටින බවට එල්ල වන චෝදනා එරට පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

හොංකොං දේශය ක්‍රමයෙන් ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙන බව සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් පසු විනිසුරු සම්ෂන් සාමිවරයා ප්‍රකාශ කර ඇතැයි ද, එරට අධිකරණ පද්ධතියේ සියලුම විනිසුරුවරුන්ට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඔහු දන්වා ඇතැයි ද හොංකොං පෝස්ට් පුවත් සේවය සඳහන් කළේය. ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරුණු බවට චෝදනා කරමින් එරට ජාතික ආරක්ෂක පනත යටතේ පසුගිය වසරේදී අත්අඩංගුවට පත්වූ තරුණ තරුණියන් 47 දෙනකුගෙන් 16 දෙනකුගේ තීන්දු ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද විනිසුරු සම්ෂන් සාමිවරයා බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x