Home » ඉස්ලාම් විරෝධී විවාහයේ සිරදඬුවමට එරෙහි ඉම්රාන්ගේ අභියාචනය අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

ඉස්ලාම් විරෝධී විවාහයේ සිරදඬුවමට එරෙහි ඉම්රාන්ගේ අභියාචනය අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

by gayan
June 29, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබිගේ 2018 වසරේදී සිදුවූ විවාහය ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කළ බවට පසුගිය පෙබරවාරි මාසයේ දී ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙසට කළ අභියාචනය පාකිස්තාන අධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබේ.

පෙරේදා ඉස්ලාමාබාද් නුවර අධිකරණය විසින් ගනු ලැබූ තීන්දුවෙන් ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබීට තවදුරටත් බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ. ඉම්රාන්ගේ බිරිය මීට පෙර කවාර් මනේකා නමැති පුද්ගලයකු සමඟ විවාහ වී සිටි අතර, ඔවුන්ගේ දික්කසාදයෙන් මාස 3ක් ගතවීමට පෙර ඇය ඉම්රාන් ඛාන් සමඟ විවාහ වීම ඉස්ලාම් නීතියට පටහැණි බවට හිටපු සැමියා විසින් ගොනු කරනු ලැබූ නඩුවකින් ඉම්රාන්ට සහ බිරියට වසර 7 බැගින් සිරදඬුවම් නියම වී තිබිණි.

රාජ්‍ය රහස් ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමේ වරදට වසර 10ක් සහ විදෙස් දූතයන්ගෙන් ලැබුණු මිල අධික ත්‍යාග නීතිවිරෝධී අයුරින් අලෙවි කර මුදල් උපයා ගැනීමේ වරදට තවත් වසර 14 ක් ලෙස වසර 24ක සිරදඬුවම් නියම වූ 71 හැවිරිදි ඉම්රාන් ඛාන්ට ඉස්ලාම් නීතිය උල්ලංඝනය කරමින් විවාහයක් සිදු කරගැනීමේ වරදට ලැබුණු වසර 7ක සිරදඬුවම් සමඟ ඔහුට බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වී තිබූ සම්පූර්ණ කාලසීමාව වසර 31 දක්වා ඉහළ ගිය අතර, රාජ්‍ය රහස් ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමේ චෝදනාවෙන් ඔහු පසුගියදා නිදහස් කිරීමෙන් එම සිරදඬුවම වසර 24 දක්වා අඩු විය. ඉස්ලාමයට පටහැණි විවාහයක් සිදු කර ගැනීමේ වරදට නියම වූ වසර 7ක සිර දඬුවමට අමතරව ඔහුගේ බිරිය බුෂ්රාට විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාග නීතිවිරෝධීව අලෙවි කර මුදල් උපයා ගැනීමේ වරදට වසර 14ක සිරදඬුවම් නියම වීමෙන් ඇගේ සිරදඬුවම් කාලසීමාව වසර 21 දක්වා ඉහළ ගොස් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x