Wednesday, July 3, 2024
Home » රට අරාජිකබවින් මුදාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය අප ලැබූ විශාල ජයග්‍රහණයක්

රට අරාජිකබවින් මුදාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය අප ලැබූ විශාල ජයග්‍රහණයක්

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා

by gayan
June 29, 2024 1:00 am 0 comment

බංකොලොත් රාජ්‍යයක් බවට ලොව ඉදිරියේ පත්වූ මේ රට අරාජික බවින් මුදාගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. රටේ සංචිත ඩොලර් මිලියන 700 දක්වා අඩු වූ පසුබිමක බංකොලොත් බවින් මුදාගැනීම‍ ඵෙතිහාසික කාරණාවක්. රජය ව්‍යාපාර නොකළ යුතුයි. රජයක් ව්‍යාපාර කිරීම නිසා අපේ ආර්ථිකය කඩාවැටුණා. ඒ නිසා කළ යුතු වන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. ඉකුත් 27 වැනි දින මාතර දී පැවති ‘දේශයේ ව්‍යාපාර බලගන්වන සවිය’ (Trade up sri lanka) වැඩමුළුවේ ප්‍රධාන සැසියට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

‘දේශයේ ව්‍යාපාර බලගන්වන සවිය’ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ජාතික හා අන්තර්ජාතික වෙළෙඳපොළ දක්වා රැගෙන යන මේ වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය. ලබන දෙසැම්බර් මාසයේ දී සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එනවා. ඒ සඳහා දැනටමත් සංචාරක හෝටල්වලට ඇණවුම් කර තිබෙනවා. මේ තත්ත්වය තුළ සංචාරකයන්ට ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබා දෙන්න නොහැකි වේවි. ශ්‍රී ලංකාව ජයගත් ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් දකුණින් බිහිවී තිබෙනවා. මාතර ගත්තත් එවැනි තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඔවුන්ගේ කැපවීම, උත්සාහය හා අවශ්‍යතාව ඉතා ඉහළයි. දකුණු පළාතේ උපාධිධාරීන් 15000ක් ගුරු පත්වීම් ලබාදීමේ තරග විභාගයට පෙනී සිටියා. ඔවුන්ගෙන් 8894ක් විභාගය සමත් වුණා. එහෙත් පත්වීම් ලබාදීමට හැකි වූයේ 2898කට පමණයි. මේ තත්ත්වයත් ගුරු සේවයට නිසයි බඳවා ගත්තේ.

ඉදිරියේදී රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම අභියෝගයක්. උපාධිධාරින්ටත් ව්‍යවසායකයන් ලෙස ඉදිරියට එන්න අවශ්‍ය මඟපෙන්වීම දිය යුතුයි. වයඹ පළාතේ ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ අවධියේ එසේ ඉදිරියට පැමිණි උපාධිධාරීන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්ව ඇතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. ‘දේශයේ ව්‍යාපාර බලගන්වන සවිය’ වැඩසටහන සඳහා මූල්‍ය ආයතන, වෙළෙඳ නාම ලියාපදිංචි කිරීමේ ආයතන, අපනයන සම්බන්ධ ආයතන හා ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට අදාළ ආයතන රැසක සහභාගිත්වයෙන් පැවති මේ වැඩසටහන කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සංවිධාන කර තිබුණි. තරුණ ව්‍යවසායකයන් පන්සියයකට ආසන්න පිරිසක් ‍ මේ අවස්ථාවට සහභාගී වූහ.

ටී.කේ.මහින්ද වැලිගම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x