Thursday, July 4, 2024
Home » ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාග‍ෙමන් Hikoki Power Tools

ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාග‍ෙමන් Hikoki Power Tools

by gayan
June 29, 2024 1:00 am 0 comment

ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL), මෝටර් රථ අමතර කොටස් ආනයනයේ කීර්තිමත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL), ලෝක ප්‍රකට බලමෙවලම් උපකරණ නිෂ්පාදකයෙකු වන Hikoki Japan සමඟ හවුල්කාරිත්වයක් ඇතිකර ගන්නා ලදි. කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති එළිදැක්වීමේ උත්සවයකදී මෙම හවුල්කාරිත්වය පිළිබඳ නිවේදනය කරනු ලැබීය. ලොව පුරා දැනට භාවිත වන හොඳම බලමෙවලම් උපකරණ මාදිලීන් මෙරටට හඳුන්වා දීම මෙහිදී සිදු විය.

මෙම සම්භාවනීය අවස්ථාව සඳහා Hikoki Power tools India පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යයක්ෂ යෝෂිකි යමොනොකුචි, ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරේරා, Hikoki Power tools India පුද්ගලික සමාගමේ අපනයන ව්‍යාපාර සාමාන්‍යාධිකාරී නවීන්, ඉන්දියානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික හවුල්කරුවන් එක්වී සිටියහ.

උත්සව සභාව අමතා DSLහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ සරෝජ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ‘Hikoki Japan වැනි ලෝක ප්‍රකට සන්නාමයක් සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ බලමෙවලම් උපකරණ ලබාදීමට හැකිවීම අපට ඉතාම ගෞරවයක්. DSL ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් ඉහළ වාහන අමතර කොටස් ලබාදීමේ දශක තුනක දිගුකාලීන ඉතිහාසයකට හිමිකම් කියයි. විශ්වසනීය ජාත්‍යන්තර සන්නාම සමඟ ගනුදෙනු කිරීමට හැකිවීම ගැන අපට ආඩම්බරයක් ඇතිවෙනවා මෙන්ම, මෙරට තුළ වාහන අමතර කොටස් සපයන ප්‍රමුඛතම සැපයුම්කරු ලෙස DSL නමක් දිනාගෙන ඇත.’

Hikoki Power tools India පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යයක්ෂ යෝෂිකි යමොනොකුචි මහතා පවසා සිටියේ ‘අප මෙම කලාපය තුළ අපගේ ව්‍යාපාරික අවශ්‍යතාවන් පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාවේ බලමෙවලම් උපකරණ වෙ‍ෙළඳපළට පිවිසීම අපගේ එක් අරමුණක් වේ. Hikoki Japan සතුව ප්‍රමිති සහතික ලැබූ බලමෙවලම් උපාංග රැසක් ඇත. DSL ශ්‍රී ලංකාවේ Hikoki සන්නාමය සඳහා වූ බලයලත් ගෙන්වා බෙදාහරින්නා සහ අලෙවියෙන් පසු සේවා සපයන්නා බවට පත්වේ’ යැයි ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x