Thursday, July 4, 2024
Home » DMASL Digital සමුළුව ජූලි 3 සහ 4 දෙදින වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී

DMASL Digital සමුළුව ජූලි 3 සහ 4 දෙදින වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී

by gayan
June 29, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) විසින් සංවිධානය කරනු ලබන DMASL Digital සමුළුව 2024 ජූලි 3 සහ 4 යන දෙදින බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. පසුගිය වසරේ පැවැත්වූ සමාරම්භක සමුළුවේ සාර්ථකත්වයත් සමඟ එය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් වූ අතර, මෙවර සමුළුව වඩාත් ආකර්ෂණීය වනු ඇතැයි ද සංවිධායකයින්ගේ අපේක්ෂාවයි. දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ අවකාශය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන අතරම, ශීඝ්‍රයෙන් වර්ධනය වන මෙම ක්ෂේත්‍රයේ වැදගත්කම සහ එමඟින් සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරයි.

මෙවර DMASL Digital සමුළුව 2024, “Charting the Uncharted” – “නව මං සොයා යෑම” යන තේමාව යටතේ පවත්වනු ලබයි. එමෙන්ම ඩිජිටල් අලෙවිකරණයෙහි විශේෂඥයින්, වෙ‍ෙළඳ ප්‍රචාරණ ආයතන, ව්‍යාපාරික නායකයින් සහ තාක්‍ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඇතුළු විවිධ වෘත්තිකයන් පිරිසක් එක්රැස් කිරීම, ඉගෙනීමේ සහ ජාලකරණය කිරීම මඟින් අවස්ථා සකස් කරදීම මෙම සමුළුවෙන් අරමුණු වේ. මෙම සමුළුවේ සහභාගිවන්නන්ට ඩිජිටල් අලෙවිකරණයේ නව ප්‍රවණතා සහ නවෝත්පාදනයන් පිළිබඳ ප්‍රබෝධයක් සහ දැනුමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන දේශන, මණ්ඩල සාකච්ඡා, වැඩමුළු සහ ජාලකරණ සැසි රාශියකින් සමන්විත වේ. 20කට වැඩි ගෝලීය කථිකයන්, 25කට වැඩි හවුල්කරුවන්, ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරින් සාකච්ඡාවට ලක්වෙන වැඩමුළු 3ක් සහ 1,000කට අධික පිරිසකගේ සහභාගීත්වයක් මෙහිදී අපේක්ෂා කෙරේ. රටේ මෙවැනි ආකාරයට පවත්වන විශාලතම සමුළුව වන මෙයට සහභාගිවන්නන්ට ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රමුඛයන්ගෙන් දැනුම ලබා ගැනීමට සහ ක්ෂේත්‍රයේ මිතුරන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට මෙන්ම අති නවීන ඩිජිටල් අලෙවිකරණ මෙවලම් සහ උපාය මාර්ග සමඟ සම්බන්ධ වීමට ලැබෙනා මහඟු අවස්ථාවක් ලෙස ද මෙය පෙන්වා දිය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x