Tuesday, July 2, 2024
Home » මේ වසරේ දසලක්ෂ වැනි සංචාරකයා දිවයිනට පැමිණෙයි

මේ වසරේ දසලක්ෂ වැනි සංචාරකයා දිවයිනට පැමිණෙයි

by yasara
June 29, 2024 7:26 pm 0 comment

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙයි.

ඒ අනුව මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි සහ පැට්‍රීෂියා රෝයි යුවළ පත් විය.

ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x