Tuesday, July 2, 2024
Home » මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරක් පානය කළ ධීවරයන් 03 ක් මරුට – තවත් 03 කට අසාධ්‍යයි

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරක් පානය කළ ධීවරයන් 03 ක් මරුට – තවත් 03 කට අසාධ්‍යයි

by yasara
June 29, 2024 7:14 pm 0 comment

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි  ධීවරයින් පිරිස, මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ  දියරයක් පානය කර එය විෂ වී, එම ධීවරයින් පිරිස අසාධ්‍ය තත්වයට පත්ව, ඉන් ධීවරයින් දෙදෙනෙකු (03) ජීවිතක්ෂයට පත් ඇති බව වාර්තා වෙයි.

එම ධීවරයින් පිරිස කඩිනමින් වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහය වන ලෙස, ධීවර  හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ  කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත අද දින දහවල් (29) දැනුම් දීමක් කෙරිණි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් නාවික සැතපුම් 365 ක් පමණ දුර මුහුදේ දියරයක් විෂ වී ආපදාවට පත්  ධීවරයින් වෙත   සහන සැලසීම සඳහා එම ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරනු ලබන නෞකා දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර, නාවික හමුදා වෛද්‍යවරයෙක් මඟින්  සන්නිවේදන  උපකරණ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

මේ වන විට එම ධීවරයින් පිරිසට ප්‍රතිකාර කිරීම සහ  ගොඩබිමට රැගෙන ඒම සඳහා  ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෛද්‍ය කණ්ඩායමක් සමඟ එම මුහුදු ප්‍රදේශයට පිටත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x