Monday, July 1, 2024
Home » ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදන

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදන

by yasara
June 29, 2024 10:45 am 0 comment

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු අක්ෂාංශ 06 – 20 සහ නැගෙනහිර දේශාංශ 55 – 70ත් යන ප්‍රදේශ ආශ්‍රිතව පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x