Monday, July 1, 2024
Home » මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් වනාතවිල්ලුවේ දී විනාශ කිරීමට සැරසෙයි

මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් වනාතවිල්ලුවේ දී විනාශ කිරීමට සැරසෙයි

by yasara
June 29, 2024 10:35 am 0 comment

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි

වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් මෙම විනාශ කිරීම් සිදුකරන බව වාර්තා වෙයි.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614 ග්‍රෑම් 36ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 13යි ග්‍රෑම් 686ක් සහ කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581 ග්‍රෑම් 34ක් විනාශ කිරීමට නියමිතයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයේදී භාර ගැනීමට නියමිත අතර පෙරවරු 9.30 වනාතවිල්දුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් විනාශ කිරීමට නියමිත බවයි වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x