Monday, July 1, 2024
Home » මහනුවර පෙරහරට කප් සිටුවීම අගෝ: 5 දා

මහනුවර පෙරහරට කප් සිටුවීම අගෝ: 5 දා

කුඹල් පෙරහර 10 දා සිට

by gayan
June 29, 2024 1:00 am 0 comment
  • අවසන් රන්දෝලි පෙරහර 19 දා

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 5 දා පෙ.ව. 4.10ට යෙදෙන සුබ නැකැතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් පසුගිය 26 දා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැඟිල්ලේදී පැවති සාකච්ඡාවේදී දියවඩන නිලමේවරයා මේ බව ප්‍රකාශ කළේය.

කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින 5ක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා, අගෝස්තු 10 දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරන බවත්, 15 දින රන්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භ කරන බවත් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 19 දා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් අනතුරුව පසුුදින (20) අලුයම සතර මහා දේවාල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත ගොස් දියකැපීමේ මංගල්‍යය සිදු කෙරේ. පසුව දවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව 20 දින මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමා වීමට නියමිතය.

අසේල කුරුළුවංශ, මධ්‍යම පළාත් සමූහ – නිහාල් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x