Tuesday, July 2, 2024
Home » බස්නාහිර උතුරු මැද වයඹ සබරගමුව අවසන් වටයට

බස්නාහිර උතුරු මැද වයඹ සබරගමුව අවසන් වටයට

ජාතික ක්‍රීඩා කාන්තා පාපන්දු තරගාවලිය

by mahesh
June 28, 2024 1:00 am 0 comment
කාන්තා පාපන්දු තරගාවලියේ උතුරු මැද හා දකුණ අතර තරගයේ උණුසුම් අවස්ථාවක්.

හතළිස් අටවැනි වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ කාන්තා පාපන්දු අවසන් පූර්ව වටයට බස්නාහිර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත් සුදුසුකම් ලබා ගත්හ. යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී හා අරියාලේ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ මූලික වටයේ තරග නිමාවට පත් විය.

පළාත් 9ක කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගිවූ මූලික වටය පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්විණි.

උතුරු මැද පළාත ගෝල් 3-1කින් දකුණු පළාත් පිල පරාජය කළ අතර, බස්නාහිර ගෝල් 5-1කින් උතුර පළාත පරාජය කළේය. සබරගමුව ගෝල් 3-1කින් මධ්‍යම පළාත පරාජය කළ අතර, වයඹ ගෝල් 3-0කින් ඌව පළාත් පිල පරාජයට පත් කළහ.

ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ පසුගිය වසරේ කාන්තා පාපන්දු ශූරතාව වයඹ දිනාගත් අතර, එහි අනුශූරතාව බස්නාහිර ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා සහ යාපනය මහාදිසාපති එම්. ප්‍රදීපන් මහතා ක්‍රීඩිකාවන් හඳුනා ගන්නා අයුරු. ඡායාරූප - ප්‍රින්ස් ගුණසේකර

ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා සහ යාපනය මහාදිසාපති එම්. ප්‍රදීපන් මහතා ක්‍රීඩිකාවන් හඳුනා ගන්නා අයුරු. ඡායාරූප – ප්‍රින්ස් ගුණසේකර

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x