Home » මහරගම පිළිකා රෝහලේ ප්‍රධාන දොරටුව අබියස වෙළෙඳසල් සැමට කරදරයක්

මහරගම පිළිකා රෝහලේ ප්‍රධාන දොරටුව අබියස වෙළෙඳසල් සැමට කරදරයක්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

උදේනි චන්ද්‍රසිරි - මහරගම

මහරගම පිළිකා රෝහලේ ප්‍රධාන දොරටුව අබියස දෘශ්‍යමාන වන දසුනකි. මෙහි ඡායාරූප මඟින් දිස්වන්නේ.

දිවා රාත්‍රී කාලයේ පිළිකා රෝහලට ප්‍රවේශ වීම සහ එම රෝහල අබියස දිස්වෙන ප්‍රධාන බස් මාර්ගයේ බස් රථ ඇතුළු වාහන සංඛ්‍යාවක්, විශේෂයෙන් දිවා කාලයේ ධාවනය වේ. රෝහල තාප්පය අබියස මගීන් සඳහා වෙන් කර තිබෙන මංතීරුවේ, වෙළෙඳසල් පවත්වාගෙන යාම නිසා, එම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහනවලට මෙන්ම, අපේක්ෂා රෝහල වෙත රෝගීන් රැගෙන පැමිණෙන වාහනවලට තම ගමන් පහසුව සලසා ගැනීම සඳහා දුෂ්කරක්‍රියාවක නියැළීමට සිදුව තිබේ.

මෙම ස්ථානයේ පවත්වාගෙන යන වෙළෙඳසල් එතැනින් ඉවත් කර වෙනත් ස්ථානයක් ලබාදීමට කටයුතු කරන ලෙස රෝහල් අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප්‍රධාන ඉංජිනේරු සහ මහරගම නගර සභාවේ ලේකම් වෙත කිහිප අවස්ථාවකදී පැමිණිලි කළ නමුදු, වගේ වගක් නැතිව එම නිලධාරින් මුනිවත රැක සිටින බව රෝහල් අධිකාරිය පවසයි.

මෙම ස්ථානයේ වෙළෙඳසල් පවත්වාගෙන යාම නිසා විශේෂයෙන් රෝගීන්ට මෙන් ම දිනපතා එම රෝහලට පැමිණෙන මහජනතාවට සිදුවන පීඩාව ගැන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහභාගි වූ මහරගම ප්‍රාදේශීය කමිටු රැස්වීමේදී රෝහල් අධ්‍යක්ෂ පැමිණිලි කර සිටිය ද, මේ දක්වා කිසිදු වෙනසක් සිදුවී නොමැති බව රෝහල් අධිකාරිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT