Home » ඉතාලියේ ශ්‍රී ලංකා පවුලක ඛේදවාචකයක් : බිරියට පිහිපහර දී සැමියා එල්ලෙයි

ඉතාලියේ ශ්‍රී ලංකා පවුලක ඛේදවාචකයක් : බිරියට පිහිපහර දී සැමියා එල්ලෙයි

by chanaka
June 28, 2024 10:21 am 0 comment

ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පවුල් ආරවුලක් මත සිය බිරිඳට පිහි පාරවල් කිහිපයක් එල්ල කළ සැමියා පසුව ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබෙන බවයි ඉතාලියේ කැරිබියානු පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

පිහි ඇනුම් පහර කෑ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන් වේ.

මෙම ශ්‍රී ලාංකික අඹු සැමිය යුවළ කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින්නන් වන අතර ඔවුනට දරු දෙදෙනෙක් ද සිටින බව වාර්තා වේ.

ලේ ගලන තුවාල සහිතව ශ්‍රී ලාංකික කාන්තාවක් ආධාර ඉල්ලා කෑ ගසමින් මාවතක් දිගේ දිව යන අයුරු දුටු ඉතාලි ජාතිකයන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇය එරට ක්‍රියාත්මක 118 ගිලන් රථ සේවය මගින් රෝහල් ගත තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x