Sunday, April 20, 2025
Home » ජනපති ලේකම් කාර්යාලයේ උපකරණ ඉස්සූ සේවකයන් දෙදෙනාට සිරදඬුවම්

ජනපති ලේකම් කාර්යාලයේ උපකරණ ඉස්සූ සේවකයන් දෙදෙනාට සිරදඬුවම්

by mahesh
June 28, 2024 1:00 am 0 comment

චන්දන ජයවීර

ජනාධිපති ලේකම් කාර්යාලයේ සන්නිවේදන අංශයට අයත් රුපියල් 7,64,00ක් වටිනා කාර්යාල උපකරණ සොරකම් කර බාහිර පාර්ශ්වයන්ට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාර්යාල සහායකයන් ලෙස එහි සේවය කළ තැනැත්තන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (27) බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවූයේය. එයට අමතරව 7,70,000ක දඩ මුදලක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව මාස 3ක සිරදඬුවමක් නියම කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ කන්ද උඩගේ තිළිණ බුද්ධික හා පැලෑන රත්නගේ සම්පත් ජයබණ්ඩාර යන තැනැත්තන් දෙදෙනාටය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට එරෙහිව පෙර වැරැදි නොමැති වීම නිසා හා ආරම්භයේදී වරද පිළිගැනීම නිසා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 13 වැනි වගන්තිය යටතේ ලිහිල් දඬුවමක් පමුණුවන ලෙස හා 122 වැනි වගන්තිය යටතේ අත්හිටුවූ දඬුවමක් පමුණවන ලෙස ඉල්ලා සිටියේය.

විත්තිකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාල සහායකයන් ලෙස සේවය කරමින් 2010 වසරේ මාර්තු 10 සහ 2011 වසරේ මාර්තු 09 වැනිදා අතර කාලය තුළදී එහි සන්නිවේදන උපකරණ සොරකම් කර වෙනත් තැනැත්තකුට විකුණා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ මිල දී ගැනීම කළ තැනැත්තා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT