Home » ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධනගේ පියාගේ අවසන් කටයුතු හෙට

ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධනගේ පියාගේ අවසන් කටයුතු හෙට

by mahesh
June 28, 2024 12:59 am 0 comment

නවගමුව සමූහ සුගත් ප්‍රේමතිලක

ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතාගේ ආදරණීය පියාණන් වන විශ්‍රාමික හමුදා සැරයන් ෆ්‍රීමන් ටෙඩි තිලකවර්ධන (ෆ්‍රීමන් හාමු) (89) මහතා අභාවප්‍රාප්ත විය. ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු වූ ඒ මහතා අරුණ පුවත්පතේ උප කර්තෘ මෙන්ම ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා ඇතුළු දූ දරුවන් පස් දෙනකුගේ පියාණන් ද වේ.

තිලකවර්ධන මහතා නවගමුව සුගතබිම්බාරාම පත්තිනි මහ දේවාලයේ භාරකාර පිලිප් තිලකවර්ධන මහතාගේ මුණුපුරා මෙන්ම නවගමුව පත්තිනි මහ දේවාලයේ භාරකාර ධුරය දැරූ තිලකවර්ධන බණ්ඩාර මහතාගේ හා ඇග්නස් හාමු ඉස්කොලේ හාමිනේගේ පුතා ද වේ.

අවසන් කටයුතු හෙට (29) සවස ඉහළ බෝමිරිය ආදාහනාගාරයේදී පැවැත්වෙන අතර ආගමික වතාවත් එදින සවස 3.00ට නවගමුව කැකිරිවෙල පාරේ තිලකවාස නිවෙසේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT