යාපනයේ චාවකච්චේරි සංගතානේ ප්‍රදේශයේ නිෙවසකින් රන් පවුම් හතළිස් දෙකක් වටිනා රන් භාණ්ඩ නගර සභාවේ කුණු ගොඩට දැමීම නිසා ඔවුන්ට ඒවා අහිමි වී තිබේ.
මේ දිනවල යාපනයේ පවතින සොරකම් කිරීම් වැඩි නිසා නිෙවසේ කාන්තාව රන් භාණ්ඩ වැඩි ආරක්ෂාව සඳහා ප්ලාස්ටික් බෝතලයක දමා නිෙවසේ වෙනත් තැනක සඟවා තැබීමට කටයුතු කොට තිබුණි.
මේ බව නොදත් ස්වාමිපුරුෂයා නිෙවස අස් කිරීමේදී එම ප්ලාස්ටික් බෝතලයද කුණු සමඟ දමා නගර සභාවේ කුණු ලොරියට භාර දී තිබේ. සිද්ධිය අසා කලබලයට පත් වූ නිෙවසේ කාන්තාව ස්වාමිපුරුෂයාට ඒ බව දැනුම් දීමෙන් පසුව වහාම චාවකච්චේරි පොලිසිය වෙත ගිය ස්වාමිපුරුෂයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකොට තිබේ.
පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් අදාළ කුණු ගොඩ පරීක්ෂා කළ නමුත් ඔවුන්ට එවැනි රන් භාණ්ඩ හමු වී නොමැත. ස්වාමිපුරුෂයා විසින් මේ සිද්ධිය චාවකච්චේරි නගර සභාවට ද දැනුම් දී තිබේ.
නමුත් මේ දක්වාම නගර සභාවේ කුණු ලොරියට මුසු වූ රන් භාණ්ඩ කිසිවෙකුටත් හමුවී නොමැත. මේ ආරංචිය ප්‍රදේශය පුරා පැතිර යාමත් සමඟම බොහෝ වැසියන් නගර සභාවේ කුණු කන්ද හෑරීමට හා කුණු ගොඩ ඇවිස්සීමට පටන් ගෙන තිබේ. පසුගිය වසරේදී ද යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයෙන් මෙවැනිම සිද්ධියක් වාර්තා වූ අතර එම නිවෙස් හිමියා විසින් නගර සභාවේ කුණු ලොරියට දැමූ රන් පවුම් 18ක රන් භාණ්ඩ නගර සභා සේවකයින් විසින් සොයා ගෙන නිෙවසටම ගෙනැවිත් භාර දී තිබුණි.