ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය Òනිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණÓ මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ඉදිරිපත් කිරීමට සැරසෙයි. මේ වැඩසටහන අද (28) පෙ.ව. 10.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ. සාකච්ඡාවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගීවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින තීරණාත්මක ප්‍රශ්න පිළිබඳ ඔවුන්ගේ දැනුම හා විශේෂඥභාවය මෙහිදී බෙදාහදා ගනු ඇත.
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගම් සභාපති නවෝද් රත්නසේකර, සමස්ත සංගමය සමඟින් මේ බුද්ධිමය කතිකාවත සමඟ සම්බන්ධ වීමට සියලුදෙනාට ආරාධනා කර සිටියි. මෙය ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීන්ගේ අනාගතය පිළිබඳ වැදගත් ඉදිරි දර්ශන ලබාගැනීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථාන්විත සංවාදයකට දායක වීමට මහඟු අවස්ථාවක් වනු නොඅනුමානය.