Home » පවුල් ආරවුලක් දුර දිග ගොස් පොලිස් කොස්තාපල් සිය දිවි නසා ගනියී

පවුල් ආරවුලක් දුර දිග ගොස් පොලිස් කොස්තාපල් සිය දිවි නසා ගනියී

by yasara
June 28, 2024 11:04 am 0 comment

තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් වරයෙකු  ඊයේ (27)  සවස රාජකාරී නිමා වී නිවසට පැමිණීමෙන් පසු ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි හක්මන පොලිසිය පවසයි.

මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ තංගල්ල මුලස්ථාන පොලිසියට අනුයුක්තව රථ වාහන රාජකාරියේ නිරත හක්මන,පොත්තෙවෙල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු වන කේ.එම්.උපුල් දීප දර්ශණ නැමති පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල් වරයා ඊයේ පෙරවරු 06 සිට පස්වරු 02 දක්වා තංගල්ල රථවාහන රාජකාරියේ යෙදී සිට ඇති අතර පසුව අසනීප තත්වයක් ඇති බව පවසා රාජකාරී නිමාකර නිවසට ගොස් ඇති අතර පසුව සවස 4ට පමණ නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන තිබේ.

මියගිය පොලිස් සැරයන් වරයා හා ඔහුගේ බිරිද අතර කලක සිට පවුල් ආරවුලක් පැවත ඇති බව සිදුකල මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මියගිය පොලිස් කොස්තාපල් වරයාගේ දේහය ගංගොඩගම ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x