ඩවුනින් වීදියේ අංක 10 නමින් හඳුන්වනු ලබන බ්‍රිතාන්‍ය අගමැති නිල නිවෙසට වරින්වර නව අගමැතිවරු පැමිණිය ද, වසර 14ක් පුරා අඛණ්ඩව එහි රැඳී සිටින්නකු පිළිබඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. මේ අමුත්තා ලැරී නමින් හඳුන්වනු ලබන බළලකු වන අතර, එම බළලා මේ දක්වා අගමැතිවරු පස්දෙනකු සමඟ එහි වාසය කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ලබන ජූලි මස 4 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් පත්වීමට නියමිත නව අගමැතිවරයා ලැරීගේ ජීවිත කාලයේදි මුණගැසෙන 6 වැනි අගමැතිවරයා වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය.
දකුණු ලන්ඩනයේ සත්ත්ව රැකවරණ මධ්‍යස්ථානයක සිට 2011 වර්ෂයේ පෙබරවාරියේ දී පළමුවරට අගමැති නිල නිවෙසට පැමිණි ලැරී එවකට අගමැති ඩේවිඩ් කැමරොන්ගේ සිත් දිනා ගැනීමට සමත්වී ඇති අතර පසුව තෙරේසා මේ, බොරිස් ජොන්සන්, ලිස් ට්‍රවුස් සහ රිෂී සුනාක්ගේ ද සුරතලකු බවට පත්වූ බව වාර්තා වේ.