Thursday, July 4, 2024
Home » කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව නව පරිශ්‍රයකට

කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව නව පරිශ්‍රයකට

by mahesh
June 28, 2024 1:00 am 0 comment

කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව, ගනුදෙනුකරුවන්ගේ සුවපහසුව වෙනුවෙන් නවීන පහසුකම් රැසක් සමඟ අංක 182, මීගමුව පාර, වත්තල යන ලිපිනයෙහි නැවත ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. 2024 මැයි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක මෙම ශාඛා පරිශ්‍රයේදී ගනුදෙනුකරුවන් හට වාහන ඇතුළු කිරීමේ පහසුව සමඟ තවත් පහසුකම් රැසක් භුක්ති විඳිය හැකිය. නව ස්ථානයෙහි වත්තල ශාඛාව මැයි මස 13 වනදා උත්සවාකාරයෙන් විවෘත වූ අතර එම අවස්ථාව සඳහා කාගිල්ස් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා ඇතුළු ඉහළ නිලධාරීන්, කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් රැසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ “වත්තල ප්‍රදේශයේ අපගේ ගනුදෙනුකරුවන් සමඟ සාර්ථක ගමනක යෙදෙන කාගිල්ස් බැංකුව, තවදුරටත් සුවිශේෂී මූල්‍ය සේවා සපයමින් ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් වෙත අසමසම අවස්ථාවන් නිර්මාණය කර දීමට බලාපොරොත්තු වෙනවා. එහි එක් පියවරක් ලෙස අපගේ වත්තල ශාඛාව අලුත් ලිපිනයට ගෙන යාම සඳහන් කළ හැකියි. සෑම ශ්‍රී ලාංකිකයකුගේම සාර්ථකත්වය වෙනුවෙන් වත්තල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සහ සියලු ප්‍රජාව සමඟ එක්ව අඛණ්ඩව සේවාවක් සැපයීමට උපකාරී වන ආකාරයෙන් වත්තල ශාඛාව නව ස්ථානයක පිහිටුවීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වනවා. ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව ලෙස සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විවෘතව පවතින කාගිල්ස් බැංකුවේ වත්තල නව ශාඛාව සමඟ එක් වෙමින් සුවිශේෂී බැංකු අත්දැකීමක් ලබා ගන්නා ලෙස මේ මොහොතේ සියලු දෙනාට ආරාධනා කිරීමට කැමැතියි” යනුවෙනි.

වත්තල කාගිල්ස් බැංකුවේ නව ලිපිනයෙහි ස්ථාපිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) මඟින් මුදල් තැන්පතු, ආපසු ගැනීම් හා චෙක්පත් තැන්පත් කිරීම මෙන්ම ස්වයං බැංකු සේවා රැසක් සලසා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත උදා කර දී තිබීම විශේෂත්වයකි. තවද කාගිල්ස් බැංකුවේ ඕනෑම ඩිජිටල් වේදිකාවක් තුළින් පරිපූර්ණ ඩිජිටල් බැංකු සේවා අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවද පවති. කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා සහ සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 9.00 සිට 12.00 දක්වා සියලු බැංකු කටයුතු සඳහා විවෘතව පවති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x