Thursday, July 4, 2024
Home » කවීන් 11කගේ කවි එක්කළ ආචාර්ය නිමල් සේදරගේ “අරුණැල්ල” සති අගදී එළිදකී

කවීන් 11කගේ කවි එක්කළ ආචාර්ය නිමල් සේදරගේ “අරුණැල්ල” සති අගදී එළිදකී

by mahesh
June 28, 2024 1:00 am 0 comment

ආචාර්ය නිමල් සේදර විසින් 2022 වසරේ සිට ආරම්භ කරන ලද ඔස්ට්‍රේලියාවේ කවීන්ගෙන් පද්‍ය සංග්‍රහ නිකුත් කිරීම මේ වසරේදී ද වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කවීන් 11 දෙනෙකුගෙන් සමන්විත මේ පද්‍ය සංග්‍රහය පිටු 92ක් වන අතර එය Òඅරුණැල්ලÓ යනුවෙන් නම් කර තිබේ. බ්‍රිස්බේන් නුවර කවීන් වන සමනොල විජේරත්න, ආචාර්ය කුමාර දිසානායක, දමයන්ති රූපසිංහ සහ ආචාර්ය නිමල් සේදර මෙයට ඇතුළත් වන අතර ශ්‍රී ලංකාවෙන්, රජිත් සිරිලාල්, ශාන්ති කුමාරි ඊරියගම, වෛද්‍ය ජනක ජයසූරිය, ගීතානි ඒකනායක, සිරිල් පල්ලෙගෙදර සහ අයෝද්‍යා ගලප්පත්ති එකතු වී සිටිති. ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කරුණාරත්න අමරසිංහ මහතා විසින් කවිය පිළිබඳ දීර්ඝ ප්‍රස්ථාවක් අරුණැල්ල පද්‍ය සංග්‍රහයට සපයා ඇත.

නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් වන අරුණැල්ල ජූනි මාසය අග නිකුත්වීමට නියමිතයි.

2022 වසරේ නිමල් සේදර මහතා විසින් රටවල් කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකික කවීන්ගෙන් සම්පාදනය කළ පද්‍ය සංග්‍රහය ‘සංකලන’ නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ අතර 2023 නිකුත් වූ පද්‍ය සංග්‍රහය ‘මකරන්ද’ විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x