Home » කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

by yasara
June 28, 2024 1:33 pm 0 comment
water Cut

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊට අමතරව මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඉහත සඳහන් ප්‍රදේශ වලට හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක්  හේතුවෙන් ජල සැපයුම කප්පාදු කරන බව වැඩිදුරටත් සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x