Home » සුනඛ සපා කෑමකින් අවරුදු 04 ක දැරියකගේ දිවි අහිමි වෙයි

සුනඛ සපා කෑමකින් අවරුදු 04 ක දැරියකගේ දිවි අහිමි වෙයි

by yasara
June 28, 2024 1:15 pm 0 comment

කිළිනොච්චියේ වයස අවුරුදු හතරක දැරියක් ජලභීතිකා රෝගය වැළදීම නිසා  ඊයේ  (27)යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබේ.

කිළිනොච්චියේ කුමාරසාමිපුරම් ප්‍රදේශයේ පදිංචි එස්.ප්‍රියා නැමති මෙම දැරිය නිවසේ සිටියදී පිටස්තර තැනකින් පැමිණි සුනඛයෙකු දැරියව සපා කා තිබේ.

වහාම ඇයව කිළිනොච්චිය රෝහලට රැගෙන යාමෙන් පසුව ඇයට ජලභීතිකාව සදහා එන්නතක් ලබා දී නිවසට එවා ඇතත් යළි ඇය අසනීප වී තිබේ.

යළි ඇයව කිළිනොච්චිය රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ඇයව රෝහලේ නතර කරගෙන ප්‍රතිකාර කරන ලද නමුත් ඇයගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින් ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා තිබේ.

එහිදී දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරියට ජලභීතිකා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x