Home » දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලයේ කොටසක් කඩා වැටී විශාල අනතුරක්

දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලයේ කොටසක් කඩා වැටී විශාල අනතුරක්

by yasara
June 28, 2024 11:18 am 0 comment

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (28) උදෑසන ඇති වූ අධික වර්ෂාව සමඟ ඇති වූ සුළං සහිත තත්ත්වය හේතුවෙන් මෙම කඩා වැටීම සිදු වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම අනතුරින් මේ වන විට එක් පුද්ගලයෙකු මරණයට පත් වී ඇති අතර පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පෞද්ගලික මෝටර් රථයකට හා ටැක්සි රථයකට අනතුරින් හානි සිදු වී තිබෙයි.

සහන සේවා පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x