Home » පළාත් පාලනයේ 8435ක් ස්ථිර කරයි

පළාත් පාලනයේ 8435ක් ස්ථිර කරයි

සේවකයන්ට පත්වීම් ලිපි ලබන මාසේ

by mahesh
June 28, 2024 1:00 am 0 comment

ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරවල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සේවයේ නියුතු සේවකයන් 8435 දෙනකු ස්ථිර කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල සංදේශයකට අනුව ස්ථිර විශ්‍රාම වැටුප් සහිත මේ පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්වුණු අතර ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමට තීරණය කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂි කොඩිප්පිලිආරච්චි මහත්ම මහත්මීන් ඇතුළු බස්නාහිර, වයඹ, උතුර ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x