Home » 2024 යුරෝපා පාපන්දු ශූරතාවලියට අනුග්‍රහය දක්වන චීන සන්නාම

2024 යුරෝපා පාපන්දු ශූරතාවලියට අනුග්‍රහය දක්වන චීන සන්නාම

by chanaka
June 27, 2024 9:24 am 0 comment

2024 යුරෝපා පාපන්දු ශූරතාවලිය සඳහා ‘ගෝලීය සහයෝගිතා හවුල්කරුවන්’ ලෙස සමාගම් 13 ක් ඉදිරිපත් ව සිටී. Vivo, BYD, Alipay, AliExpress සහ Hisense යන චීන සන්නාම 5 ඊට ඇතුළත් ව තිබීම විශේෂත්වයකි.

එම සමාගම් සුහුරු ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, මුදල් ගෙවීමේ තාක්ෂණ, ඊ-වාණිජ්‍යය සහ සුහුරු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ යන ක්ෂේත්‍ර නියෝජනය කරයි.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් අනුග්‍රහය ලබාදීමේ අවස්ථාව චීනයට ප්‍රථම වරට හිමි වූයේ 2016 වසරේ දී ය. මේ වනවිට යුරෝපා පාපන්දු ශූරතාවලිය වැනි දැවැන්ත ගෝලීය ක්‍රීඩා ඉසව් සංවිධායකයන් චීන සමාගම් සිය අනුග්‍රාහකයන් ලෙස තෝරාගන්නේ එම ව්‍යවසායන් සතු වාණිජ විභවතා පමණක් නොව, නවෝත්පාදනයට මුල්තැන දෙන චීන ආර්ථික ප්‍රතිසංස්කරණ උපායමාර්ගය හේතුවෙනි.

2024 යුරෝපා පාපන්දු ශූරතාවලිය මේ දිනවල ජර්මනියේ දී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT