ජපානයේ පැවති ආසියානු ජී.ටී.මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට ( G.T.World Chalenge – Asia ) ” සිල්වර් කාණ්ඩයෙන් ” සහභාගී වී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් ඊයේ (26) 06/26 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම තරගාවලිය ලෝකයේ අතිශය ජනප්‍රිය මෝටර් රථ ධාවන තරගාවලියක් වන අතර එය ජපානයේ ෆුජි නගරයේ ඉකුත් 22 සහ 23 දින වල පවත්වා තිබූ අතර එෂාන් පීරිස් මෙම තරගාවලියේ දී පෝෂේ – 911( Porsche – 911) වර්ගයේ මෝටර් රථයක් පදවමින් සහභාගී වී තිබේ.
මෙම තරගාවලියේ අවසාන මහා තරගය චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිත අතර එහිදී සමස්ථ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එෂාන් පීරිස් මහතා බලාපොරොත්තු වන බව කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
එෂාන් පීරිස් සුප්‍රකට ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩේවිඩ් පීරිස් මහතාගේ පුත්‍රයෙකි .