Home » ඩයනා උසා­වි­යට අප­හාස කිරීමේ පෙත්සම: විභා­ග­යෙන් විනි­සුරු දෙදෙ­නෙක් ඉවත් වෙති

ඩයනා උසා­වි­යට අප­හාස කිරීමේ පෙත්සම: විභා­ග­යෙන් විනි­සුරු දෙදෙ­නෙක් ඉවත් වෙති

by Gayan Abeykoon
June 27, 2024 7:28 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

අධි­ක­ර­ණ­යට අප­හාස කළේ යැයි හිටපු රාජ්‍ය ඇමැ­තිනි ඩයනා ගමගේ මහ­ත්මි­යට එරෙ­හිව ඉදි­රි­පත් කර තිබෙන පෙත්සම සලකා බැලී­මෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන කුමු­දුනී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඊයේ (27) ඉවත් වූහ. පාර්ලි­මේන්තු මන්ත්‍රි ධුරය දැරී­මට ඇයට සුදු­සු­කම් නොමැති බවට දෙන ලද අධි­ක­රණ තීන්දුව පිළි­බ­ඳව මාධ්‍ය මගින් අද­හස් පළ කිරී­මෙන් අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බවට චෝදනා කර­මින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර තිබූ අතර ඊයේ (27) එය කැඳ­වන ලද අව­ස්ථා­වේදී විනි­සු­රු­වන්ගේ ඉව­ත්වීම සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ කෙරිණි. ප්‍රීති පද්මන් සූර­සේන, කුමු­දුනී වික්‍ර­ම­සිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වීය.

ඩයනා ගමගේ මහ­ත්මිය සම්බ­න්ධ­යෙන් වන නඩු තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන ලද විනි­සුරු මඬුල්ලේ සාමා­ජි­ක­යන් ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන් වන කුමු­දුනී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය සහ ජනක් ද සිල්වා මහතා කට­යුතු කළ බැවින් ඔවුන් මෙසේ ඔවුන් මේ පෙත්සම සලකා බැලී­මෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කෙරිණි. ඒ අනුව පෙත්සම එම විනි­සු­රු­ව­රුන් නොමැති වෙනත් විනි­සුරු මඬු­ල්ලක් හමුවේ කැඳ­වී­මට තීර­ණය කෙරිණි. කරුණු තහ­වුරු කිරීම සඳහා එම පෙත්සම අගෝස්තු මස පස්වැනි දා කැඳ­වී­මට තීර­ණය කෙරිණ. වැලි­ගම නගර සභාවේ හිටපු සභා­පති රෙහාන් ජය­වි­ක්‍රම මහතා මෙහි පෙත්ස­ම්කරු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT