අධිකරණයට අපහාස කළේ යැයි හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඊයේ (27) ඉවත් වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය දැරීමට ඇයට සුදුසුකම් නොමැති බවට දෙන ලද අධිකරණ තීන්දුව පිළිබඳව මාධ්‍ය මගින් අදහස් පළ කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර ඊයේ (27) එය කැඳවන ලද අවස්ථාවේදී විනිසුරුවන්ගේ ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරිණි. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවීය.
ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා කටයුතු කළ බැවින් ඔවුන් මෙසේ ඔවුන් මේ පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කෙරිණි. ඒ අනුව පෙත්සම එම විනිසුරුවරුන් නොමැති වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවීමට තීරණය කෙරිණි. කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම අගෝස්තු මස පස්වැනි දා කැඳවීමට තීරණය කෙරිණ. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා මෙහි පෙත්සම්කරු වේ.