Home » කුලි­යා­පි­ටිය සුසිත් ඝාත­නයේ සැක­ක­රුවෝ යළි රිමාන්ඩ්

කුලි­යා­පි­ටිය සුසිත් ඝාත­නයේ සැක­ක­රුවෝ යළි රිමාන්ඩ්

by Gayan Abeykoon
June 27, 2024 7:23 am 0 comment

කුලි­යා­පි­ටිය - මෙවිරු ධනාන්

පණි­රෙ­න්ඩාව රක්ෂි­තයේ ඝාත­නය කොට දමා තිබි­යදී සොයා ගැනුණ කුලි­යා­පි­ටිය සුසිත් ඝාත­ක­යන් යැයි සැක කෙරෙන සැක­ක­රු­වන් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර­න්නැයි කුලි­යා­පි­ටිය මහේ­ස්ත්‍රාත් රන්දික ලක්මාල් ජය­ලත් මහතා පෙරේදා (24) නියම කළේය.

වැව­තැන්න කැප්පෙ­ටි­පොළ පදිංචි උදය ප්‍රසන්න, තිළිණ කීර්ති­රත්න, පඩි­වෙල පොතු­වි­ල­වත්ත හිල්ඩා ප්‍රනාන්දු, දික්හැර ඉලු­ක්හේන ජය­සිංහ දොන් චන්ද්‍ර­සේ­කර, පොතු­විල පඩි­වෙල ඇන්ටන් ප්‍රනාන්දු, දික්හැර ඉලු­ක්හේන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති, දිලානි ශානිකා ජය­සිංහ, චාරුක දේවින්ද ජය­සිංහ, මනෝධ්‍යා ශෙරංගි, හම්ම­ලව සුරංග පද්ම­කු­මාර හා පොලො­න්න­රුව පදිංචි කවිඳු නමැති සැක­ක­රු­වන් 11ක් මෙලෙස යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි.

කුලි­යා­පි­ටිය පොලි­සියේ පොලිස් පරී­ක්ෂක නීතිඥ රත්නා­යක, සැර­යන් සෝම­වීර (35170) යන මහ­ත්ව­රුන් පැමි­ණිල්ල මෙහෙ­යවූ මෙම නඩුවේ අග­ති­ය­ට­පත් පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ නිම්නා හර්ෂණී මහ­ත්මිය හා සැක­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ කැලුම් හෙට්ටි­ග­මගේ, චන්දන යාපා, චම්පික ලසි­ත­කු­මාර, දයානි එදි­රි­සිංහ යන මහ­ත්වරු පෙනී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT