Home » ශ්‍රී ලංකාව පිළිබඳ ඇති වූ ජාත්‍යන්තර විශ්වාසය ගැන රාජ්‍ය ඇමති ශෙහාන් කියයි

ශ්‍රී ලංකාව පිළිබඳ ඇති වූ ජාත්‍යන්තර විශ්වාසය ගැන රාජ්‍ය ඇමති ශෙහාන් කියයි

by chanaka
June 27, 2024 3:50 pm 0 comment

ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කර ගත හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩ නගාගත් විශ්වාසය හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සම්මත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉදිරියට ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් කිරීමේ සාකච්ඡා සඳහා සහභාගී වීමෙන් අනතුරු සේමසිංහ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීමේ කාලය 2043 දක්වා දීර්ඝ වන අතර ඒ සඳහා වන ණය පොලී අනුපාතය ද පහළ යන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග එකඟතාවකට පැමිණීම යන කොටස් තුනේ පළමු පියවර දෙක සාර්ථකව අවසන් බවයි. පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග එකඟා ඇති කර ගැනීමේ කටයුතු ද ඉදිරියට ගමන් කරමින් තිබේ.

ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගකරණය තුළින් මෙරට ණය ගෙවීමේ හැකියාව ඉහළ යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එමගින් සාමාන්‍ය ජනතාව වෙත ලබා දිය හැකි ප්‍රතිලාභ ප්‍රමාණය ද ඉහළ යන බවයි සේමසිංහ මහතා පැවසුවේ. ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන මෙම කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම පවසයි. අද ලොවම ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ ආර්ථික යථාවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උදාහරණකොට ගන්නා බවයි සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT