Home » ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

by yasara
June 27, 2024 11:17 am 0 comment

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්‍යන්ත සමාගමේ කළමනාකාරීත්වය සමඟ පැවැත් වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබෙයි.

මෙම සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියානු ඉන්ධන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර එහි තෙල් ටැංකි 61 ක් අන්තර්ගත වේ.

මෙම සාකච්ඡාවට අනුව ටැංකි 61 ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට, නල මාර්ග පද්ධතිය සැලසුම් කිරීමට, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කිරීමට හා රටේ අවශ්‍යතාවය මෙන්ම අපනයන කටයුතු වෙනුවෙන් ඉන්ධන ගබඩාකිරීම සඳහා ටැංකි සංවර්ධනය කිරීම සිදු කිරීම අදියර කිහිපයක් ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT