Home » මධ්‍යම පළාතේ කිරිගව කර්මාන්තය නගා සිටුවන්න නවසීලන්ත සහයෝගය

මධ්‍යම පළාතේ කිරිගව කර්මාන්තය නගා සිටුවන්න නවසීලන්ත සහයෝගය

by chanaka
June 27, 2024 9:37 am 0 comment

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(26) පැවැත්විය.

මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සහ මහකොමසාරිස්වරයා අතර අදහස් හුවමාරු වූ අතර, මධ්‍යම පළාතේ වාණිජමය මට්ටමෙන් සිදු කරනු ලබන කිරිගව පාලනයට හා නිෂ්පාදනය වැඩි කිරිමටත් කර්මාන්ත නගා සිටුවිම සදහා ලබා දිය හැකි තාක්ෂණික උපදෙස් හා දායක්වය ලබා දිමට කටයුතු කරන බව මෙහිදි අදහස් දැක්වු මහකොමසාරිස්වරයා පැවසිය.

මෙම හමුව අවසානයේදී දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර සහකාර ලේකම්(වැ.බ) පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොස්සින්න, සම්බන්ධිකරණ ලේකම් පි.එන් විජයරත්න යන මහත්වරුන් ද එක්වි සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT