තවත් දින 5කින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බී – ලව් කැන්ඩි කණ්ඩායමේ ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් ක්‍රීඩකයන් 5ක් ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග නායකත්වය දරන බී – ලව් කැන්ඩි කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරති. එයට අමතරව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම් නියෝජනය කළ දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන් හා කසුන් රාජිත ඇතුළත්ව සිටිති.
පසුගිය වසරේ ශූරතාව දිනාගත් බී – ලව් කැන්ඩි කණ්ඩායමට මෙවර විදෙස් ක්‍රීඩකයන් ලෙස ඇන්ඩ්‍රී ෆ්ලෙචර්, මොහොමඩ් හැරිස්, මොහොමඩ් අස්නයර්, සල්මන් අලි අගා හා මොහොමඩ් අලි ක්‍රීඩා කරති. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් බී – ලව් කැන්ඩි කණ්ඩායම හා දඹුල්ල සික්සර්ස් අතර තරගය ලබන 1 දා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2ට ආරම්භ වේ.
දඹුල්ල තන්ඩර්ස් පිලට හිටපු විස්සයි20 නායක කුසල් ජනිත් පෙරේරා එක්ව සිටී. දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, දිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, ළහිරු උදාර, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලක, නුවනිඳු ප්‍රනාන්දු , නුවන් ප්‍රදීප්, රනේෂ් සිල්වා, ළහිරු මධුශංක, සොනාල් දිනූෂ, සචිත ජයතිලක, නිමේෂ් විමුක්ති, අසංක මනෝජ්, චමිඳු වික්‍රමසිංහ දඹුල්ල තන්ඩර්ස් පිලේ සෙසු ක්‍රීඩකයෝ වෙති. විදෙස් ක්‍රීඩකයන් ලෙස මුස්තෆීර් රහීම්, ඊබ්‍රහිම් සද්‍රාන්, රීසා හෙන්ඩ්‍රිකස්, මාර්කා චැප්මන්, තව්හිද් හිරිඩෝයි හා මොහොමඩ් නබී දඹුල්ල තන්ඩර්ස් පිලට ක්‍රීඩා කරති.
ගෝල් මාවල්ස් පිලට වත්මන් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඇතුළත්ව සිටිති. භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ හා ජනිත් ලියනගේ එයින් ප්‍රධාන තැනක් ගනී. ගෝල් පිලට නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන, ලසිත් කෘස්පුල්ලේ, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, මල්ෂ තරුපති, සදීෂ රාජපක්ෂ, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර, කවිඳු නදීෂාන් හා චමිඳු විජේසිංහ ඇතුළත්ව සිටිති. ගෝල් පිලේ විදෙස් ක්‍රීඩකයන් වන්නේ ටිම් සෙයිෆිට්, ඇලෙක්ස් හේල්, ඩ්වයින් ප්‍රිටෝරියස්, ෂෝන් විලියම්ස්, සහීර් ඛාන් හා මුජීබ් උර් රාහ්මාන්ය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට කලින් ශූරතා කිහිපයක්ම දිනාගත් ජැෆ්නා කිංග්ස් පිලේ හිටපු නායක තිසර පෙරේරා එක්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම විස්සයි20 පිටියේ වැඩි ආකර්ෂණයක් දිනාගත් වේග පන්දු යවන මතීෂ පතිරණ හා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ක්‍රීඩා කරති. නිපුන් ධනංජය, සධීර සමරවික්‍රම, චාමික ගුණසේකර, දුනිත් වෙල්ලාලගේ, ඇන්ජලෝ පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකේත්, ෂෙහාන් ප්‍රනාන්දු, කෙවින් බණ්ඩාර හා ඉසිත විජේසුන්දර එක්ව සිටිති. එහි විදෙස් ක්‍රීඩකයන් ලෙස ෂඩබ් ඛාන්, ග්ලේන් පිලිප්ස්, රහ්මනුල්ලාහ් ගුර්බාස්, ටස්කින් අහමඩ්, මුහමද් වසීම් හා අලා ගසාන්ෆාර් ක්‍රීඩා කරති.
ජැෆ්නා කිංග්ස් පිල මෙහෙයවීමේ ගෞරවය ශ්‍රී ලංකා විස්සයි20 උපනායක චරිත් අසලංකට ලැබී තිබේ. එක්දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, විජේකාන්ත් වියෙස්කාන්ත්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ප්‍රමොද් මදුෂාන්, අසිත ප්‍රනාන්දු, විෂාද් රන්දික, ළහිරු සමරකෝන්, එෂාන් මාලිංග, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, මොර්වින් අබිනාෂ්, අරුල් ප්‍රගාසම්, නිශාන් මදුශ්ක, තීෂන් විතූෂාන් හා නිසල තාරක එක්ව සිටිති. ජැෆ්නා කිංග්ස් පිලට අසමතුල්ලා ඔමරාසි, නූර් අහමඩ්, රිලී රොසොව්, ෆේබියන් ඇලන්, ජේසන් බෙයර්නඩ්‍රෆ් හා අලෙක්ස් රොස් විදෙස් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරති.
ප්‍රින්ස් ගුණසේකර