Home » ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

by sachintha
June 26, 2024 3:00 am 0 comment

දෙස් විදෙස් සුපතළ නාමයක් ඇති පුරවරයක් වන ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දේශගුණික විපර්යාසයන් පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පනාවකට අනුව සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් පසුගියදා ගල්කිස්ස වෙරළතීරයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ඊජිප්තු තානාපති මගෙඩි වොස්ලේ මහතා ඇතුළු කාර්යාලය නිලධාරීන් ඇතුළු 100කට අධික පිරිසක් එක්ව සිටියහ.

මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ දේශගුණික ක්‍රියාකාරී සංසදය (S.C.A.P.), ක්ලීන් ඕෂන් පොස්ට් සංවිධානය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ( C.M.E.P.A), පරිසර පොලිසිය, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය පරිපාලකවරු, ඝන අපද්‍රව්‍ය අංශ සහ කාර්යාලය සේවක මණ්ඩලය ඇතුළු සියයකට අධික පිරිසක් සහභාගිවී සිටියහ. මෙහිදී වර්ගීකරණයට ලක්කළ කසළ ද්‍රව්‍ය නගර සභා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශ සේවක මණ්ඩලය විසින් වර්ගීකරණයට ලක්කළ කසළ සියල්ල එකතුකර නගර සභා ට්‍රැක්ටර්ය යොදා ගෙන කරදියාන කසළ අංගණය වෙත බැහැර කරලීමට කටයුතු කරනු ලැබිණි.

දෙහිවල – ඩී.පී.හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT